Sony Xperia XZ2

sony සමාගම විසින් නිර්මාණය කර ඇති මෙම දුරකථනය ඉතා විශිෂ්ට දුරකථනයක් වේ. මෙම දුරකතනය පසුගිය දා පැවති #MWC තාක්ෂණික ප්‍රදර්ශනයේදී හොදම දුරකතනයට හිමි සම්මානය ද දිනා ගන්නා ලදී. මෙම දුරකථනය ප්‍රධාන විශේෂත්වය වන්නේ එහි ඇති කැමරාවන්ය.

මෙම දුරකතනය Qualcomm® Snapdragon™ 845 processor , 4GB RAM මතකය , 64GB ධාරිතාවක් සහ එය SD card හරහා 400GB දක්වා ඉහල නැංවා ගැනීමට , 3180mAh බැටරිය , Water resistant IP65 හා 68 පහසුකම , Corning Gorilla Glass 5 ආරක්ෂාව සහිත අගල් 5.7″ ක Full HD+ 1080 x 2160 විභේදන අගයක් සහිත HDR තිරය සහ Fast Wireless charging යන පහසුකම් සියල්ලම සහිතව නිපදවා ඇත.

මෙහි ඇති පසුපස කැමරාවෙන් 4K 60fps HDR FullHD තාක්ෂණය විඩියෝ පටිගත කළ හැකි අයුරින් නිර්මාණය කර ඇත. ඒ සමගින් මෙම දුරකතනය ලෝකයේ පලමු 4K HDR වීඩියෝකරනය සදහා වු දුරකතනය වේ. මෙම cameraව මෙගාපික්සල් 19 කින් යුක්ත වේ. එය තනි කැමරාවකි. නමුත් එම cameraව Dual කැමරාවලින් කෙරෙන කාර්යයන් ද පහසුවෙන්ම කරයි. මෙහි ඇති motion eve තාක්ෂණය මගින් ලබාගන්නා ඡායාරූප විශේෂ අන්දමින් සකස් කර උසස් ඡායාරූප ලබාදේ.

මෙහි ඉදිරිපස cameraව ඉතා සුවිශේෂී වේ. මක්නිසාද යත් එමගින් මුහුන 3D ව scan කර ත්‍රිමාණ ඡායාරූප ලබාගත හැකි නිසාවෙනි. එම camera ව 5MP වන අතර F2.2 aperture එකකින් 23mm wide angle lens එකකින් සහ 5 axis stabilisation පහසුම් සහිතව නිර්මාණය කරන ලද්දකි.

තවද මෙහි ඇති High-Resolution Audio ; DSEE HX™ , LDAC , Clear Audio+ සහ Stereo speaker with S-Force Front Surround ඇති නිසා ඉතා පැහැදිලි උසස් ශබ්ද තරංග ශ්‍රවණයට අවස්ථාව ලබා දී ඇත.